බංගලීන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය අඩපණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 99කින් පරාජයට පත් කරමින් මව්බිමේ දී බංග්ලාදේශයට එරෙහිව 21 වැනි එක්දින තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර (08) සමත් වුණා.

දෙරට අතර පැවති තුන්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ පල්ලෙකැලේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 285ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය 06 වැනි එක්දින ශතකය ලබාගත්තේ පන්දු 114කට මුහුණදෙමින් ලකුණු 124ක් ලබා ගනිමින්.

නායක චරිත් අසලංක ලකුණු 58ක් සහ පැතුම් නිස්සංක ලකුණු 35ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ටස්කින් අහමඩ් හා මෙහිඩි හසන් කඩුලු දෙක බැගින් හා එක් කඩුල්ල බැගින් තන්වීර් ඉස්ලාම්, ටන්සිම් හසන් හා ශමිම් හුසේන් දවා ගැනීමට සමත් වුණා.

ජයග්‍රහණයට ලකුණු 286ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංගලීන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සියලු දෙනා ලකුණු 186කට දැවී ගියා.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ Towhid Hridoy ලකුණු 51 ලබා ගත්තේ සිය 09 වැනි එක්දින අර්ධ ශතකය ද වාර්තා කරමින්.

මෙහිඩි හසන් හා ප්‍රවීස් හුසේන් ලකුණු 28 බැගින් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ දැමුවා.

දුනිත් වෙල්ලාලගේ හා වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලනු ලැබුවා.

ඒ අනුව බංග්ලාදේශය පරදා ටෙස්ට් තරගාවලි ශූරතාව ද දිනූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ද තරග 2-1ක් ලෙස ජය ගත්තා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම කුසල් මෙන්ඩිස් දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?