බංගලීන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය අඩපණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 99කින් පරාජයට පත් කරමින් මව්බිමේ දී බංග්ලාදේශයට එරෙහිව 21 වැනි එක්දින තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර (08) සමත් වුණා.

දෙරට අතර පැවති තුන්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ පල්ලෙකැලේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 285ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය 06 වැනි එක්දින ශතකය ලබාගත්තේ පන්දු 114කට මුහුණදෙමින් ලකුණු 124ක් ලබා ගනිමින්.

නායක චරිත් අසලංක ලකුණු 58ක් සහ පැතුම් නිස්සංක ලකුණු 35ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ටස්කින් අහමඩ් හා මෙහිඩි හසන් කඩුලු දෙක බැගින් හා එක් කඩුල්ල බැගින් තන්වීර් ඉස්ලාම්, ටන්සිම් හසන් හා ශමිම් හුසේන් දවා ගැනීමට සමත් වුණා.

ජයග්‍රහණයට ලකුණු 286ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංගලීන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සියලු දෙනා ලකුණු 186කට දැවී ගියා.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ Towhid Hridoy ලකුණු 51 ලබා ගත්තේ සිය 09 වැනි එක්දින අර්ධ ශතකය ද වාර්තා කරමින්.

මෙහිඩි හසන් හා ප්‍රවීස් හුසේන් ලකුණු 28 බැගින් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ දැමුවා.

දුනිත් වෙල්ලාලගේ හා වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලනු ලැබුවා.

ඒ අනුව බංග්ලාදේශය පරදා ටෙස්ට් තරගාවලි ශූරතාව ද දිනූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ද තරග 2-1ක් ලෙස ජය ගත්තා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම කුසල් මෙන්ඩිස් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39