බංගලි හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අතිශය තීරණාත්මක තරගයෙන් ද අමිහිරි පරාජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට ටික වේලාවකට පෙර සිදු වුණා.

ඒ ප්‍රතිවාදී බංග්ලාදේශයට එරෙහි ව දිල්ලි හි දී පැවති තරගය කඩුලු 03කින් පරාජයට පත්වෙමින්.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමු ව පන්දු රැකීම තෝරා ගත්තා.

ශකීබ්ගේ ඇරයුම පිළිගනිමින්, ශ්‍රී ලංකා පිතිකරුවන් එක පෙළට පිටියට පැමිණිය ද, ඔවුන්ව වැඩිවේලා ගත වීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නටයි බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූයේ.

අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට චරිත් අසලංක පත් වූයේ සිය ජාත්‍යන්තර එක්දින පිටියේ දෙවැනි ශතකය වාර්තා කරගනිමින්.

පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 බැගින් රැස් කළා.

මහීෂ් තීක්ෂණ ලකුණු 21 යි.

ජයග්‍රහණයට ලකුණු 280ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 07ක් දැවී තිබියදියි.

ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් පීඩනයක් ලබාදෙන්නට තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ශකීබ්ට සහ ෂැන්ටෝ හට හැකි වුණා.

ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සබඳතාව ලකුණු 169ක්.

ශකීබ් ලකුණු 82ක් ද ෂැන්ටෝ ලකුණු 90ක් ද ලබා සිටියදී දවා ගන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඩිල්ෂාන් මධුෂංක කඩුලු 03ක් බිඳ දැමූ අතර, මහීෂ්ට ද කඩුලු 02ක් හිමිවුණා.

මෙම තරගය බංග්ලාදේශය ජය ගැනීමත් සමග ඔවුන් එළඹෙන චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වනු ඇති.

නමුත් එම අවස්ථාව ද ශ්‍රී ලංකා කණ්ඩායමට මගහැරී ගියෙ අද තරගය කඩුලු 03කින් පරාජයට පත්වීම නිසාවෙන්.

තරගයේ වීරයා සම්මානය ශකීබ් අල් හසන් දිනාගත්තා.

මේ වනවිට පැවති තරග 08කින් තරග 04ක් ජය ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 07 වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ද පැවති තරග 08න් 04ක් පමණක් ජයගෙන පසුවන්නේ 08 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයේ තවත් එක් තරගයක් ඉතිරි ව ඇති අතර ඒ නවසීලන්තයට එරෙහිව යි.

බංග්ලාදේශයට ද මීළඟට තරග කිරීමට සිදු වන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43