බංගලිදේශයේ සුළු ජාතීන්ට එල්ල වූ ප්‍රහාර ගැන UN අවධානය

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශනයක් සිදු කරනු ලබන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගෝස්තු මාසයේ දී බංග්ලාදේශයේ සිවිල් ජනතාව සහ විශ්වවිද්‍යාල ක්‍රියාධරීන් මැදිහත්ව මෙහෙය වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් සහ එම සිදුවීමෙන් පසුව ද; සුළු ජාතීන්ගේ අයිතීන් බිඳ වැටුණු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.

එහි මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ඊයේ (30) ඩකා හි දී පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ; රජයේ අන්තර්වාර ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් සහ අනෙකුත් උපදේශකයින්, සිවිල් සමාජ සාමාජිකයින්, සිසුන් හමු වී මෙම සිදුවීම් දාමය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

“අපගේ කරුණු සෙවීමේ මෙහෙයුම අගෝස්තු 5 සහ 15 අතර සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර පිළිබඳ චෝදනා විමර්ශනය කරයි”යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහාලේකම්වරයා සිය දෙදින බංග්ලාදේශ නිල සංචාරයෙන් අනතුරුව පැවසුවා.

එමෙන්ම බංග්ලාදේශයේ අරගල තුළ දී සුළු ජාතික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එරට සිසුන් සහ සෙසු පිරිස් විසින් ගනු ලැබූ උත්සාහයන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?