“පෝලිම්වල ඉඳලා වාහනේට වැඩිපුර තෙල් ටිකක් ගහගන්න එක තේරුමක් නැහැ”

ඉන්ධන පෝලිම්වල සිට වාහන සඳහා අමතර ඉන්ධන ලබාගැනීම මේ මොහොතේ තේරුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මතුව ඇති ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (01) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

“ඔබතුමාලත් අපිත් දැක්කා ඊයේ දවසේ දී යම් යම් තැන්වල තෙල් පෝලිම් තිබුණා. ඒක පෙන්දීවාම ගැනත් ඔබතුමාලට ස්තූතියි. අපේ පැත්තෙනුත් ඒ ගැන ප්‍රකාශයක් කළා. සාමාන්‍යයෙන් ඔබතුමාලා දන්නවා හරි හෝ වැරදි යම් පණිවුඩයක් ගියාම යම් බෙදාහැරීමේ ජාලයක ප්‍රශ්නයක් තියනවා කියලා ජනතාව පැනික්බයින් වලට යනවා. ඒක තමයි ඊයේ සිද්ධ වුණේ මේ වන කොට ගරු කතානායකතුමනි තෙල් ලීටර් මිලියන 19ක් ඇනවුම් කරලා තියනවා. ඇත්තටම මේ බෙදුම්කරුවන් විසින් සාමාන්‍ය තත්ත්වේට වඩා වැඩිපුර මේ ඇණවුම් කරලා තියෙන්නේ. සාමාන්‍ය දවසක උදේ හතෙන් පස්සේ ඇනවුම් භාර ගන්නේ නැහැ. ඊයේ ඇතිවෙච්ච් ප්‍රශ්නේ දී ජනතාව වැඩියෙන් තෙල් මිල දී ගැනීම නිසා මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරක් හැටියට අද දවස ඇතුළතත් මේ ඇනවුම් භාරගන්නවා. ඒ වගේම අද හවස් වෙනකොට මේ පිළිබඳව තක්සේරු කරලා ඉරිදාත් අපි ඇනවුම් භාරගන්න කටයුතු කරනවා. නමුත් තෙල් හිඟයක් නැති බව මේ වෙලාවේ කියන්න ඕන, ඒ නිසා පෝලිම්වල ඉඳලා තමන්ගේ වාහනේට වැඩිපුර අමතර තෙල් ටිකක් ගහගන්න එක තේරුමක් නැහැ. තෙල් තියනවා බෙදුම්කරුවන් තෙල් ඇනවුම් කරලා තියෙන්නේ ඒක බෙදාහරින්න CPC එක කටයුතු කරනවා ඒ නිසා කලබල වෙන්න එපා කියලා තමයි කියන්න කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07