“පෝලිම්වල ඉඳලා වාහනේට වැඩිපුර තෙල් ටිකක් ගහගන්න එක තේරුමක් නැහැ”

ඉන්ධන පෝලිම්වල සිට වාහන සඳහා අමතර ඉන්ධන ලබාගැනීම මේ මොහොතේ තේරුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මතුව ඇති ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (01) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

“ඔබතුමාලත් අපිත් දැක්කා ඊයේ දවසේ දී යම් යම් තැන්වල තෙල් පෝලිම් තිබුණා. ඒක පෙන්දීවාම ගැනත් ඔබතුමාලට ස්තූතියි. අපේ පැත්තෙනුත් ඒ ගැන ප්‍රකාශයක් කළා. සාමාන්‍යයෙන් ඔබතුමාලා දන්නවා හරි හෝ වැරදි යම් පණිවුඩයක් ගියාම යම් බෙදාහැරීමේ ජාලයක ප්‍රශ්නයක් තියනවා කියලා ජනතාව පැනික්බයින් වලට යනවා. ඒක තමයි ඊයේ සිද්ධ වුණේ මේ වන කොට ගරු කතානායකතුමනි තෙල් ලීටර් මිලියන 19ක් ඇනවුම් කරලා තියනවා. ඇත්තටම මේ බෙදුම්කරුවන් විසින් සාමාන්‍ය තත්ත්වේට වඩා වැඩිපුර මේ ඇණවුම් කරලා තියෙන්නේ. සාමාන්‍ය දවසක උදේ හතෙන් පස්සේ ඇනවුම් භාර ගන්නේ නැහැ. ඊයේ ඇතිවෙච්ච් ප්‍රශ්නේ දී ජනතාව වැඩියෙන් තෙල් මිල දී ගැනීම නිසා මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරක් හැටියට අද දවස ඇතුළතත් මේ ඇනවුම් භාරගන්නවා. ඒ වගේම අද හවස් වෙනකොට මේ පිළිබඳව තක්සේරු කරලා ඉරිදාත් අපි ඇනවුම් භාරගන්න කටයුතු කරනවා. නමුත් තෙල් හිඟයක් නැති බව මේ වෙලාවේ කියන්න ඕන, ඒ නිසා පෝලිම්වල ඉඳලා තමන්ගේ වාහනේට වැඩිපුර අමතර තෙල් ටිකක් ගහගන්න එක තේරුමක් නැහැ. තෙල් තියනවා බෙදුම්කරුවන් තෙල් ඇනවුම් කරලා තියෙන්නේ ඒක බෙදාහරින්න CPC එක කටයුතු කරනවා ඒ නිසා කලබල වෙන්න එපා කියලා තමයි කියන්න කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?