පෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිර වී කර්මාන්තශාලාවක් තුළ රියදුරෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

දඹුල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් තුළ පෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිරවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (20) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා එම කර්මාන්තශාලාවේ පෝක් ලිෆ්ට් යන්ත්‍රයේ රියදුරු වශයෙන් සේවය කළ අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

යන්ත්‍රය පසුපසට ධාවනය කිරීමේ දී ඉහළින් තිබූ වයරයක් යන්ත්‍රයේ පැටලීම හේතුවෙන් එය ඉවත් කිරීමට යාමේදී යන්ත්‍රය ක්‍රියාත්මක වී එහි යකඩ ගේඩරයට සහ වහළයට හිස සිරවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කරන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

https://youtu.be/pDabLHd45rM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04