spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිර වී කර්මාන්තශාලාවක් තුළ රියදුරෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

දඹුල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් තුළ පෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිරවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (20) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා එම කර්මාන්තශාලාවේ පෝක් ලිෆ්ට් යන්ත්‍රයේ රියදුරු වශයෙන් සේවය කළ අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

යන්ත්‍රය පසුපසට ධාවනය කිරීමේ දී ඉහළින් තිබූ වයරයක් යන්ත්‍රයේ පැටලීම හේතුවෙන් එය ඉවත් කිරීමට යාමේදී යන්ත්‍රය ක්‍රියාත්මක වී එහි යකඩ ගේඩරයට සහ වහළයට හිස සිරවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කරන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

https://youtu.be/pDabLHd45rM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?