AFC Banner
Empty Ad
Empty Ad

පොළොන්නරුව ‘හබරණ මාර්ගයේ සිදුවු බිහිසුණු රිය අනතුර

අද (11) උදෑසන 6ට පමණ පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් සිව්දෙනෙක් තුවාල ලබා තිබේ.

පුත්තලම සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් සිව්දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

මේ අතර එම අනතුර නිරීක්ෂණය කිරීමට යෑමේ දී මින්නේරිය සිට හබරණ ප්‍රදේශය බලා ධාවනය වු තවත් මෝටර් රථයක් එම ස්ථානයේ දීම ටිපර් රථයක ගැටී අනතුරට පත්ව ඇත. ටිපර් රථයේ ගැටුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වු කාණුවකට වැටී තිබේ.

අනතුරුව ටිපර් රථයේ රියදුරු අනතුරින් පසු පළාගොස් ඇති අතර එම අනතුරින් කිසිවෙකුත් තුවාල වී නොමැත.

එම අනතුරු කිහිපය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ අරඹයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?