පොළොන්නරුව ‘හබරණ මාර්ගයේ සිදුවු බිහිසුණු රිය අනතුර

අද (11) උදෑසන 6ට පමණ පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් සිව්දෙනෙක් තුවාල ලබා තිබේ.

පුත්තලම සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් සිව්දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

මේ අතර එම අනතුර නිරීක්ෂණය කිරීමට යෑමේ දී මින්නේරිය සිට හබරණ ප්‍රදේශය බලා ධාවනය වු තවත් මෝටර් රථයක් එම ස්ථානයේ දීම ටිපර් රථයක ගැටී අනතුරට පත්ව ඇත. ටිපර් රථයේ ගැටුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වු කාණුවකට වැටී තිබේ.

අනතුරුව ටිපර් රථයේ රියදුරු අනතුරින් පසු පළාගොස් ඇති අතර එම අනතුරින් කිසිවෙකුත් තුවාල වී නොමැත.

එම අනතුරු කිහිපය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ අරඹයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14