පොහොර වවුචර් පත් ගොවීන්ට පහසු පරිදි නිකුත් කිරීමට පියවර

පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්, ගොවින්ගේ අවශ්‍යතාවයන්ට පහසු වන පරිදි නිකුත් කිරීමට උපදෙස් දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් නිකුත් කර ඇති වවුචර් පත් 90%කටත් වඩා මේ වනවිට නිකුත් කර අවසන් කර ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එම වවුචර්පත්වලට පොහොර ලබා ගැනීමේ දී ගොවීන්ගේ පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් වවුචර්පත් නිකුත් කරන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය උපදෙස් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මෙම වවුචර්පත් හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සදහා රුපියල් 40,000ක් වශයෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුවයි ලබා දී ඇත්තේ.

ගොවි ජනතාවට මෙම වවුචර්පත් යොදා ගැනීම මගින් යූරියා පොහොර, බන්ඩි පොහොර හෝ කාබනික පොහොර එහි වටිනාකම අනුව එක්වර ලබා ගත හැකි පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පැකේජයක් වශයෙන් ද සකස් කර තිබෙනවා.

එපමණක් නොව අදාළ වවුචරයේ දැක්වෙන වටිනාකම අනුව ගොවීන්ට තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට වවුචරයේ වටිනාකම අනුව කොටස් කර වවුචර් දෙකක් හෝ තුනක් ද වශයෙන් ලබා ගත හැකියි.

උදාහරණයක් ලෙස රුපියල් 20,000ක වවුචරයක් රුපියල් 10,000 බැගින් කොටස් දෙකකට ද, අවශ්‍ය නම් රුපියල් 10,000 බැගින් කොටසක් හා 5000 බැගින් කොටස් දෙකක් ද වශයෙන් වවුචර්පත් ලබාගත හැකියාව පවතිනවා.

එමගින් ගොවීන්ට එකම වවුචරයට එකම අවස්ථාවේ සියලුම පොහොර මිල දී ගැනීම සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එමගින් විසදුම් ලබා ගත හැකියි.

මෙම සියලු ක්‍රියාමාර්ග මගින් ගොවි ජනතාවට පහසුව සැළසීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

මේ අතර අද රාත්‍රියේ සිට තවත් යූරියා පොහොර තොග සියලුම දිස්ත්‍රික්ක වෙත යැවීමට ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම කටයුතු යොදා ඇතැයි එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.

ඊයේ (15) සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53