AFC Banner
AFC Banner
Empty Ad

පොහොර වවුචර් පත් ගොවීන්ට පහසු පරිදි නිකුත් කිරීමට පියවර

පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්, ගොවින්ගේ අවශ්‍යතාවයන්ට පහසු වන පරිදි නිකුත් කිරීමට උපදෙස් දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් නිකුත් කර ඇති වවුචර් පත් 90%කටත් වඩා මේ වනවිට නිකුත් කර අවසන් කර ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එම වවුචර්පත්වලට පොහොර ලබා ගැනීමේ දී ගොවීන්ගේ පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් වවුචර්පත් නිකුත් කරන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය උපදෙස් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මෙම වවුචර්පත් හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සදහා රුපියල් 40,000ක් වශයෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුවයි ලබා දී ඇත්තේ.

ගොවි ජනතාවට මෙම වවුචර්පත් යොදා ගැනීම මගින් යූරියා පොහොර, බන්ඩි පොහොර හෝ කාබනික පොහොර එහි වටිනාකම අනුව එක්වර ලබා ගත හැකි පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පැකේජයක් වශයෙන් ද සකස් කර තිබෙනවා.

එපමණක් නොව අදාළ වවුචරයේ දැක්වෙන වටිනාකම අනුව ගොවීන්ට තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට වවුචරයේ වටිනාකම අනුව කොටස් කර වවුචර් දෙකක් හෝ තුනක් ද වශයෙන් ලබා ගත හැකියි.

උදාහරණයක් ලෙස රුපියල් 20,000ක වවුචරයක් රුපියල් 10,000 බැගින් කොටස් දෙකකට ද, අවශ්‍ය නම් රුපියල් 10,000 බැගින් කොටසක් හා 5000 බැගින් කොටස් දෙකක් ද වශයෙන් වවුචර්පත් ලබාගත හැකියාව පවතිනවා.

එමගින් ගොවීන්ට එකම වවුචරයට එකම අවස්ථාවේ සියලුම පොහොර මිල දී ගැනීම සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එමගින් විසදුම් ලබා ගත හැකියි.

මෙම සියලු ක්‍රියාමාර්ග මගින් ගොවි ජනතාවට පහසුව සැළසීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

මේ අතර අද රාත්‍රියේ සිට තවත් යූරියා පොහොර තොග සියලුම දිස්ත්‍රික්ක වෙත යැවීමට ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම කටයුතු යොදා ඇතැයි එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.

ඊයේ (15) සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?