පොහොට්ටුවේ අර්බූදය මැද්දට පැනලා ලක්ෂ 2500ක් දුන් බව කියන මේ ව්‍යාපාරිකයා කව්ද?

ශ්‍රී ලංකා ‌පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය අභ්‍යන්තරයේ මේ වනවිට මතුව ඇති අර්බූදය විසදාගැනීම සදහා එක්තරා ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ 2500ක් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයා පොහොට්ටුවේ ප්‍රධානීන්ට සමීප විදේශයක සිට ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන්නකු බවත්, මෑත කාලයේදී ව්‍යාපාරිකයකු වශයෙන් හිටිහැටියේම ප්‍රසිද්ධ වූ චරිතයක් බවත් දැනගන්නට ඇත.

එමෙන්ම මීට මාස කිහිපයකට පමණ ඉහතදීද ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මේ කියන ව්‍යාපාරිකයා පියවර ගෙන තිබිණ.

ඒ අනුව මෙම ව්‍යාපාරිකයා පසුගිය දිනෙකදී එක්තරා පිලකට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සදහා ලක්ෂ 2500ක මුදලක් ලබා දී ඇති බවට විශාල කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

මෙම ගනුදෙනුව මැද ආණ්ඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු සිටින බවත්, ඔහු හරහා මෙම මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ වැඩපිළිවෙළ දියත් වෙමින් පවතින බවත් එම කසුකුසුවලින් වැඩිදුරටත් කියවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?