spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න ධම්මික පෙරේරා සූදානමින් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිලවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් බවයි.

මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීරණයකට එළඹිය යුතු බවයි ඔහු මෙහිදී පැවසුවේ.

“මම පක්‍ෂයේ තීරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අවශ්‍ය වැඩකටයුතුවල මම නිරත වෙනවා. ඊට අමතරව ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලට මම කටයුතු කරනවා,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයෙන් බලය ලබාගැනීමට තරග කරන සියලුම දේශපාලනඥයන් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි මෙතෙක් හෙළිකර නොමැති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියටත් වැසි තත්වයක්,තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න...අවධානයෙන් ඉන්න
01:36
Video thumbnail
"මේ අය ඔක්කොම කියන්නේ රනිල්ට තව අවුරුදු 5ක් දෙන්න"
10:21
Video thumbnail
හීල්ඔ⁣යේ ජලපහරට වගාබිම් විනාශ වූ ගොවීන්
04:15
Video thumbnail
සිංදු කියන්න වේදිකාවට නැග්ග මන්ත්‍රී චින්තකට බෝතල් ප්‍රහාරයක් සජබයෙ හිතවතෙක් කොටු
01:10
Video thumbnail
'යුක්තිය 2' මෙහෙයුමෙන් දින 3කදී සැකකරුවන් 2,622ක් අත්අඩංගුවට
01:32
Video thumbnail
"මාධ්‍ය ආයතන හිමිකරුවන් - ප්‍රධානීන්, මාධ්‍යවේදීන් වත්කම් - බැරකම් ප්‍රකාශ දිය යුතුයි"
01:55
Video thumbnail
අනවසරයෙන් අප්‍රිකානු කැලෑ බළලෙක් මෙරටට ගෙන එති, ගුවන්තොටේදී අල්ලයි
00:59
Video thumbnail
පොල් වතුර ඉල්ලුම වැඩිවෙයි
01:44
Video thumbnail
අපි රනිල්ට ණයත් නෑ බයත් නැහැ - බැසිල් රාජපක්ෂ
01:17
Video thumbnail
ජනපති උදේ එජාප බළකොටුවේ සවස කළුතර රාජපක්ෂවරුන්ගේ රැලියේ
01:38

?