පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න ධම්මික පෙරේරා සූදානමින් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිලවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් බවයි.

මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීරණයකට එළඹිය යුතු බවයි ඔහු මෙහිදී පැවසුවේ.

“මම පක්‍ෂයේ තීරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අවශ්‍ය වැඩකටයුතුවල මම නිරත වෙනවා. ඊට අමතරව ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලට මම කටයුතු කරනවා,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයෙන් බලය ලබාගැනීමට තරග කරන සියලුම දේශපාලනඥයන් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි මෙතෙක් හෙළිකර නොමැති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03