spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පොසොන් වෙනුවෙන් ගාල්ලේ රැඳවියන් 09කට නිදහස

අද (21) දිනට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 09 දෙනෙකුට නිදහස හිමි තිබෙනවා.

සුළු වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවස්ථාවේ දී සිරගත ව සිටි කාලය සීමාවේ දී රැඳවියාගේ යහපත් හැසිරීම් මට්ටම සලකා බලමින් මෙම නිදහස ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ මෙම රැඳවියන් 09 දෙනාට නිදහස ලබාදීම එහි අධිකාරී පුලින කරුණාරත්නගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර අද දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන්ව බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට විවෘත අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව පූර්ණ අධීක්ෂණය යටතේ ඥාතීන් හට සිය නිවෙස්වලින් රැගෙන එන ආහාරපාන, ඖෂධ ආදිය සිය රැඳවියා වෙත ලබා දිය හැකි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (20) සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?