AFC Banner
Empty Ad
Empty Ad

පොසිටිව් වෙච්ච මාධ්‍යවේදියා දවසින් මියයයි

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දමිළ මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාශ් ඥාන ප්‍රකාශම් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත.

විසි හය හැවිරිදි මෙම තරුණයා කලක සිට ඔස්ටියෝපොරෝසිස් හා සමාන ඇවිදීමට නොහැකි රෝගී තත්ත්වයක සිට ඇත.

ඊයේ (02) උදෑසන කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇති අතර ඊයේ සවස් යාමයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මොහු හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා වශයෙන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දී උපත ලබා එම ප්‍රදේශයේ දීම ජීවිතයේ අවසන් ගමන් ගොස් ඇත.

මෙම තරුණ මාධ්‍යවේදියාට වයස අවුරුදු තිහට අඩු බැවින් කොවිඩ් එන්නත ලබා ගැනීමට නොහැකි වී ඇත.

WhatsApp Image 2021 09 03 at 4.48.31 PM 768x766 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?