පොලිසිය සමඟ ගැටුමකින් පාකිස්තානයේ හයදෙනෙක්ට දිවි අහිමි වෙයි

කලාපයේ ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවන ලද මහා වැඩ වර්ජනයේ තුන්වන දිනයේදී අසාද් ජම්මු සහ කාශ්මීරයේ (AJK) සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු අවම වශයෙන් නව දෙනෙකු මියගොස් තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව, සන්නිවේදන බිඳවැටීම් මධ්‍යයේ වැඩ වර්ජනය හේතුවෙන් අසාද් ජම්මු හා කාශ්මීරයේ ව්‍යාපාර වසා දමා ඇති අතර අනෙකුත් ක්‍රියාකාරකම් ඇනහිට තිබෙනවා.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 172 දෙනෙකු සහ සිවිල් වැසියන් 50 දෙනෙකු ද තුවාල ලබා ඇති බව AJK රජය පැවසුවා.

බලධාරීන් සාමය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, “නිශ්චිත න්‍යාය පත්‍රයක්” යටතේ සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රචාරණ සහ “ව්‍යාජ ප්‍රවෘත්ති” වලින් නොමග නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් AJK රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?