පොලිසිය මඟ හැර සිටි නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී පොලිසිය හමුවට (වීඩියෝ)

අන්තරායකාරී ලෙසට මාර්ගයේ ගමන් කිරීම සහ අමතර උපාංග සවි කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට පොලිසිය කළ නියෝගය මග හැර සිටි බස් රථ කිහිපයක් අද පොලිස් මූලස්ථානයේ රථ වාහන අංශය වෙත පැමිණ තිබෙනවා.

අන්තරායකාරී ලෙස මාර්ගයේ ගමන් කිරීම මෙන්ම අනවසර උපාංග සහ විදුලි බුබුළු සවි කිරීම හමුවේ අනතුරු සිදුවිය හැකි බවට චෝදනා එල්ල වූ බස් රථ 58ක් පසුගියදා කොළඹට කැඳවා තිබුණා.

එම කැඳවීම මත නොපැමිණි බස් 25කට යළිත් කැඳවුම් නියෝග නිකුත් කෙරුණු අතර ඒ අනුව අදාළ බස් පොලිස් රථ වාහන මූලස්ථානය වෙත වාර්තා කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී, මැණික් කැටේ, පුලතිසි රැජින, සඳ රංගනා වැනි නම්වලින් හඳුන්වා ඇති මෙම බස් රථ විවිධ උපාංග යොදා වෙනස් කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

පොලිසියේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසු මෙම බස් රථ සඳහා දැඩි කොන්දේසි පනවනු ලැබුවා.

බස් රථවල භාහිරින් සිදු කර ඇති වෙනස්කම් ඉවත් කර නැවත පොලිසිය වෙත පැමිණ පෙන්වන ලෙසට නියෝග කෙරුණු අතර එතෙක් ඔවුන්ගේ මගී ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමටයි පොලිසිය කටයුතු කළේ.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, අධ්‍යක්ෂක රථවාහන හා මාර්ග ආරක්ෂාව මනෝජ් රණගල ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
11
+1
1
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?