පොලිසිය මඟ හැර සිටි නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී පොලිසිය හමුවට (වීඩියෝ)

අන්තරායකාරී ලෙසට මාර්ගයේ ගමන් කිරීම සහ අමතර උපාංග සවි කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට පොලිසිය කළ නියෝගය මග හැර සිටි බස් රථ කිහිපයක් අද පොලිස් මූලස්ථානයේ රථ වාහන අංශය වෙත පැමිණ තිබෙනවා.

අන්තරායකාරී ලෙස මාර්ගයේ ගමන් කිරීම මෙන්ම අනවසර උපාංග සහ විදුලි බුබුළු සවි කිරීම හමුවේ අනතුරු සිදුවිය හැකි බවට චෝදනා එල්ල වූ බස් රථ 58ක් පසුගියදා කොළඹට කැඳවා තිබුණා.

එම කැඳවීම මත නොපැමිණි බස් 25කට යළිත් කැඳවුම් නියෝග නිකුත් කෙරුණු අතර ඒ අනුව අදාළ බස් පොලිස් රථ වාහන මූලස්ථානය වෙත වාර්තා කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී, මැණික් කැටේ, පුලතිසි රැජින, සඳ රංගනා වැනි නම්වලින් හඳුන්වා ඇති මෙම බස් රථ විවිධ උපාංග යොදා වෙනස් කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

පොලිසියේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසු මෙම බස් රථ සඳහා දැඩි කොන්දේසි පනවනු ලැබුවා.

බස් රථවල භාහිරින් සිදු කර ඇති වෙනස්කම් ඉවත් කර නැවත පොලිසිය වෙත පැමිණ පෙන්වන ලෙසට නියෝග කෙරුණු අතර එතෙක් ඔවුන්ගේ මගී ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමටයි පොලිසිය කටයුතු කළේ.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, අධ්‍යක්ෂක රථවාහන හා මාර්ග ආරක්ෂාව මනෝජ් රණගල ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20