Empty Ad
AFC Banner
Empty Ad

පොලිසියේ පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභා ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව හදිසි සේවා අවශ්‍යතා මත එම පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ අනුව, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එන්. ඒ. කේ. හේරත් අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී. විජේකෝන් ස්ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාසයේ සිට පුල්මුඩේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසටයි.

ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස බණ්ඩාරවෙල කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අබේසිංහ ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. රත්නපුර කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. යූ. ආර්. ජයතිස්ස සමනලවැව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර යවා තිබෙනවා.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩී. එම්. එච්. අයි. දැල්කඳුර කුරුණෑගල කොට්ඨාසයේ සිට බෝගමුව පොලිස් ස්ථානාධිපතිවරිය ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. සී. රොහාන් පොලිස් විද්‍යාලයේ සිට මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. හේරත් ගම්පහ කොට්ඨාසයේ සිට වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එල්. සී. හිරියාදෙණියද ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.

මඩකලපුව කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. පේට් ගුවන් තොටුපළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්.එච්.ගුණවර්ධන ගම්පහ කොට්ඨාසයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසටයි ස්ථාන මාරු කර ඇත්තේ. වත්තල පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඩී. අයි. රාජපක්ෂ ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.

නිකවැරටිය කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක යූ. එස්. බී. ධර්මරත්න තලමලගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
මහින්ද මහත්තයා හරි රනිල් මහත්තයා හරි රට කළානම් ඉන්ධන පෝලිම් නැතිවෙනවා
02:47
Video thumbnail
සඳුදා සිට බස් ධාවනය නවතින ලකුණු - ගැමුණු රට කැළඹෙන හෙළිදරව්වක් කරයි
05:50
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:02:18
Video thumbnail
ධවල මන්දිරයට ගෙන්නලා ට්‍රම්ප් - සෙලෙන්ස්කිට මෝඩයෙක් කියපු හැටි
08:19
Video thumbnail
රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ දුව අම්මා ගැන සංවේදී වෙයි #dasathamidnews #live #dasathanews
00:59
Video thumbnail
රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ දුව අම්මා ගැන සංවේදී වෙයි
02:59
Video thumbnail
BREAKING NEWS 🔴සඳුදා වෙද්දී රටේ කොහෙවත් ඉන්ධන නැතිවෙයි
07:59
Video thumbnail
විනාඩි 09යි - පාර්ලිමේන්තුවේ ලොකු ගෝරියක් - චමින්ද විජේසිරි සභානායකටත් කතානායකටත් අමුවෙන් දෙසයි
09:58
Video thumbnail
කොලොන්නාවේ ඉන්ධන බෙදා හැරීමේ කිසි අවුලක් නෑ
01:20

?