පොලිසියේ පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභා ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව හදිසි සේවා අවශ්‍යතා මත එම පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ අනුව, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එන්. ඒ. කේ. හේරත් අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී. විජේකෝන් ස්ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාසයේ සිට පුල්මුඩේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසටයි.

ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස බණ්ඩාරවෙල කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අබේසිංහ ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. රත්නපුර කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. යූ. ආර්. ජයතිස්ස සමනලවැව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර යවා තිබෙනවා.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩී. එම්. එච්. අයි. දැල්කඳුර කුරුණෑගල කොට්ඨාසයේ සිට බෝගමුව පොලිස් ස්ථානාධිපතිවරිය ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. සී. රොහාන් පොලිස් විද්‍යාලයේ සිට මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. හේරත් ගම්පහ කොට්ඨාසයේ සිට වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එල්. සී. හිරියාදෙණියද ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.

මඩකලපුව කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. පේට් ගුවන් තොටුපළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්.එච්.ගුණවර්ධන ගම්පහ කොට්ඨාසයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසටයි ස්ථාන මාරු කර ඇත්තේ. වත්තල පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඩී. අයි. රාජපක්ෂ ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.

නිකවැරටිය කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක යූ. එස්. බී. ධර්මරත්න තලමලගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32