පොලිසියෙන් සොයන ජොන්ස්ටන්ට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක්ට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මෙම විදෙස් ගමන තහනම හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බාල පුත් ජෙරම් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකුට බලාත්මක වන පරිදි නිකුත් කර ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් පෙරේදා (30) දිනයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකී අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වත්තල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ශ්‍රී විභූෂණ මහතා විසින් ඊයේ (31) දිනයේ දී මෙම නියෝගය නිකුත් කළා.

නීතිපති උපදෙස් ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිසිය මග හරිමින් සැඟව සිටින බවට එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?