spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සාජන්ගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබිය දී සොයාගෙන

වේයන්ගොඩ – පත්තලගෙදර පිහිටි නිවසක බාල්කයක එල්ලෙමින් තිබිය දී පොලිස් සැරයන්වරයෙකුගේ සිරුරක් ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂක අංශයේ කටයුතු කළ 42 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

චමින්ද රාජකරුණා නැමති දෙදරු පියෙක් වන මොහු මාස තුනකට පමණ ඉහත දී පැහැර ගැනීමකට ලක්ව අතුරුදහන්ව සිට ඇති බවට ද පොලිසිය පවසනවා.

මොහුගේම අත් අකුරින් ලියූ බවට සැකකරන ලිපියක් ද නිවසේ තිබී හමුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?