පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගෙන් රුපියල් මිලියන 200ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කෙරේ

අයුතු සහගත ලෙස අසත්‍ය චෝදනා ගොනුකරමින් තමාට එරෙහිව නඩු පැවරූ කොළඹ රථ වාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා විදුලි සහ පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් ගොනුකර තිබූ නඩු දෙකක් ලබන ජූනි මස 17 වන දින යළි කැඳවීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය අද (28) නියෝග කළා.

අධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලද සිතාසි අනුව එම නඩුවල එක් විතිකරුවකු වන කොළඹ රථ වාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයා අද පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් වගඋත්තරකරු ලෙස නම්කර සිටි නීතිපතිවරයා නඩු සම්බන්ධයෙන් පෙත්සම ගොනු කළේ.

ඒ අනුව පැමිණිලි පාර්ශ්වයට පිළිතුරු ගොනු කිරීමට කල් ලබා දුන් දිසා විනිසුරුවරිය එලෙස නඩුව කල්තැබීමට නියම කළා.

පසුගිය 2022 පෙබරවාරි මස 05 වන දින රාජගිරිය කොටා පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා සිය මෝටර් රථයෙන් තමා ගමන් කළ බවත් පසුව මාර්ගයේ රැඳී සිටි පොලිස් රථ වාහන අංශයේ නිලධාරියකු විසින් සිය රිය නවතා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි බවත් ඒ වනවිට තමා සන්තකයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍රය ඔහුට ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබුණා.

වලංගු රිය පැදවීමේ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හා දුම්රිය මාර්ගයේ සංඥා නොතකා අනතුරුදායක ලෙස රිය පැදවීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුව විභාග කළ කොළඹ රථ වාහන අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ලබාගත් සාක්ෂි අනුව තමන්ට වලංගුරිය පැදවීමේ බලපත්‍රයක් ඇති බවට නිගමනය කොට එම චෝදනාව හා දුම්රිය සංඥා නොතකා රිය පැදවූ බව කියන චෝදනාව පිළිගත නොහැකි බවට නිගමනය කොට එම චෝදනා දෙකෙන්ම තමා නිදොස් කොට අධිකරණයෙන් නිදහස් කළ බව හෙතෙම සිය පෙත්සම මගින් දිසා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

2024 පෙබරවාරි මස 05 වන දින මහේස්ත්‍රාත්වරයා විසින් එම තීන්දුව නිකුත් කරන විට නඩුව පවරා වසර දෙකක් සම්පූර්ණ වී තිබූ බවත් විත්තිකාර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා නිසි විමර්ශනයකින් තොරව සිදුකළ එම නඩු පැවරීම හේතුවෙන් තමාට වරින් වර අධිකරණයේ හමුවේ පෙනී සිටීමට සිදුවීම හා සිදු වූ මූල්‍යමය පාඩුවට අදාළ වන්දි මුදල අයකර දෙන ලෙසට සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චලනි ද අල්විස් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
10
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34