පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගෙන් රුපියල් මිලියන 200ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කෙරේ

අයුතු සහගත ලෙස අසත්‍ය චෝදනා ගොනුකරමින් තමාට එරෙහිව නඩු පැවරූ කොළඹ රථ වාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා විදුලි සහ පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් ගොනුකර තිබූ නඩු දෙකක් ලබන ජූනි මස 17 වන දින යළි කැඳවීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය අද (28) නියෝග කළා.

අධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලද සිතාසි අනුව එම නඩුවල එක් විතිකරුවකු වන කොළඹ රථ වාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයා අද පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් වගඋත්තරකරු ලෙස නම්කර සිටි නීතිපතිවරයා නඩු සම්බන්ධයෙන් පෙත්සම ගොනු කළේ.

ඒ අනුව පැමිණිලි පාර්ශ්වයට පිළිතුරු ගොනු කිරීමට කල් ලබා දුන් දිසා විනිසුරුවරිය එලෙස නඩුව කල්තැබීමට නියම කළා.

පසුගිය 2022 පෙබරවාරි මස 05 වන දින රාජගිරිය කොටා පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා සිය මෝටර් රථයෙන් තමා ගමන් කළ බවත් පසුව මාර්ගයේ රැඳී සිටි පොලිස් රථ වාහන අංශයේ නිලධාරියකු විසින් සිය රිය නවතා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි බවත් ඒ වනවිට තමා සන්තකයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍රය ඔහුට ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබුණා.

වලංගු රිය පැදවීමේ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හා දුම්රිය මාර්ගයේ සංඥා නොතකා අනතුරුදායක ලෙස රිය පැදවීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුව විභාග කළ කොළඹ රථ වාහන අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ලබාගත් සාක්ෂි අනුව තමන්ට වලංගුරිය පැදවීමේ බලපත්‍රයක් ඇති බවට නිගමනය කොට එම චෝදනාව හා දුම්රිය සංඥා නොතකා රිය පැදවූ බව කියන චෝදනාව පිළිගත නොහැකි බවට නිගමනය කොට එම චෝදනා දෙකෙන්ම තමා නිදොස් කොට අධිකරණයෙන් නිදහස් කළ බව හෙතෙම සිය පෙත්සම මගින් දිසා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

2024 පෙබරවාරි මස 05 වන දින මහේස්ත්‍රාත්වරයා විසින් එම තීන්දුව නිකුත් කරන විට නඩුව පවරා වසර දෙකක් සම්පූර්ණ වී තිබූ බවත් විත්තිකාර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා නිසි විමර්ශනයකින් තොරව සිදුකළ එම නඩු පැවරීම හේතුවෙන් තමාට වරින් වර අධිකරණයේ හමුවේ පෙනී සිටීමට සිදුවීම හා සිදු වූ මූල්‍යමය පාඩුවට අදාළ වන්දි මුදල අයකර දෙන ලෙසට සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චලනි ද අල්විස් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
10
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?