පොලිස් ස්ථානාධිපතිවරයෙක් හදිසියේ මියයයි

කන්තලේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති රිය අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ.

ස්ථානාධිපති ගමන් ගත් මෝටර් රථය හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී වැලි පැටවූ ට්‍රිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 37, කැන්දලියද්ද, ජම්බුගහපිටිය ලිපිනයේ පදිංචි දහම්පත් මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩා දහම්පත් නමැති 48 වැනි වියෙහි පසුවූ පොලිස් පරීක්ෂකවරයාය.
ස්ථානාධිපතිවරයා නිවාඩු අවසන් කර නැවත සේවයට යමින් සිටියදී අනතුරට මුහුණ දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

image fdb28b3ee8
image 3129cdd733