පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ යහපත උදෙසා අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමට මරදාන පොලිස් භූමියෙහි පිහිටා තිබෙන ජේ. පී. ඕ නමැති කණිෂ්ඨ නිළධාරින්ගේ වෙළඳසැලෙහි සිදුව තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමය පියවර ගෙන තිබේ.
තොග මිලට භාණ්ඩ ලබා ගැනීමට කොළඹට අවශ්‍ය තරම් වෙළඳසැල පිහිටා තිබිය දීත් මෙම වෙළඳ සලේ පාලනය හොබවන පොලිස් නිලධාරීන් කොත්මලේ ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.
පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ ලේකම් සහ භාණ්ඩාගාරික ගේ නිසි අධීක්ෂණයක් නොමැති හෙයින් මෙම වංචාවන් දිගින් දිගටම සිදුව ඇති බව කණිෂ්ඨ පොලිස් නිලධාරීන් චෝදනා කරති.
වත්මන් විධායක සභාවේද අධීක්ෂණයක් නොමැති හෙයින් මෙම වංචාවන්ට ඔවුන් ද වගකිව යුතු බව කනිෂ්ඨ බලධාරීන් වැඩිදුරටත් චෝදනා කරති.
මේ වනවිට රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කොට ඇති බවටද කරුණු හෙළි වී ඇත.













