පොලිස් වර්ජනය නිසා කැරළි වැඩිවෙයි

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ පොලීසිය වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමග ඇති වූ කැරලි හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කලහකාරීන් මෝටර් රථ, කඩ සාප්පු ගිනි තබමින් සුපිරි වෙළෙඳසැල් කොල්ලකා ඇතැයි වාර්තා වනවා.

සිය වැටුප අඩකින් අඩුකිරීමට එරෙහිව එරට පොලිසිය මෙම වර්ජනය ආරම්භ කළා. කෙසේ වෙතත් අද පස්වරුව වන විට පොලිසිය නැවත රාජකාරියට වාර්තා කළ අතර එරට අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ පැවසුවේ මේ වන විට‌ තත්ත්වය පාලන
කර ඇති බවයි.

ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා පොලිස් පෙළපාලිකරුවන් විසින් සිදු කළ බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුව අගමැති ජේම්ස් මාරපේ ජාතිය අමතමින් කියා සිටියේ අවනීතිය නොඉවසන බවයි. නීතිය කඩකිරීමෙන් ප්‍රතිඵල අත්කරගත නොහැකි බවයි ඔහු මහජනතාවට ප්‍රකාශ කළේ.

සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව යොදවා ඇති අතර බදාදා රාත්‍රිය වන විට බොහෝ කෝලාහල අවසන් වී තිබුණා. කෙසේවෙතත් නොසන්සුන්බ සිදුවීම් තවමත් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ලය බොහෝ දුරට අවස්ථාවාදීන් විසින් සිදු කර ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙකු මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ප්‍රචණ්ඩත්වය අගනුවරෙන් පිටත ද ව්‍යාප්ත වී ඇති අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු ලේ නගරයේ දී මිය ගිය බව ප්‍රාදේශීය පොලිසිය ප්‍රකාශ කළා.

තම වැටුප 50% දක්වා අඩු කර ඇති බව දැන ගැනීමෙන් පසු බදාදා පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීමෙන් පසු නොසන්සුන්තාව ඇති වුණා.

අගමැති ජේම්ස් මාරපේ පැවසුවේ පරිගණක දෝෂයක් හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් චෙක්පත් වලින් ඩොලර් 100 (පවුම් 78) පමණ අඩු කර ඇති අතර සමහර විරෝධතාකරුවන් පවසන පරිදි බදු වැඩි නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?