පොලිස් වර්ජනය නිසා කැරළි වැඩිවෙයි

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ පොලීසිය වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමග ඇති වූ කැරලි හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කලහකාරීන් මෝටර් රථ, කඩ සාප්පු ගිනි තබමින් සුපිරි වෙළෙඳසැල් කොල්ලකා ඇතැයි වාර්තා වනවා.

සිය වැටුප අඩකින් අඩුකිරීමට එරෙහිව එරට පොලිසිය මෙම වර්ජනය ආරම්භ කළා. කෙසේ වෙතත් අද පස්වරුව වන විට පොලිසිය නැවත රාජකාරියට වාර්තා කළ අතර එරට අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ පැවසුවේ මේ වන විට‌ තත්ත්වය පාලන
කර ඇති බවයි.

ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා පොලිස් පෙළපාලිකරුවන් විසින් සිදු කළ බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුව අගමැති ජේම්ස් මාරපේ ජාතිය අමතමින් කියා සිටියේ අවනීතිය නොඉවසන බවයි. නීතිය කඩකිරීමෙන් ප්‍රතිඵල අත්කරගත නොහැකි බවයි ඔහු මහජනතාවට ප්‍රකාශ කළේ.

සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව යොදවා ඇති අතර බදාදා රාත්‍රිය වන විට බොහෝ කෝලාහල අවසන් වී තිබුණා. කෙසේවෙතත් නොසන්සුන්බ සිදුවීම් තවමත් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ලය බොහෝ දුරට අවස්ථාවාදීන් විසින් සිදු කර ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙකු මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ප්‍රචණ්ඩත්වය අගනුවරෙන් පිටත ද ව්‍යාප්ත වී ඇති අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු ලේ නගරයේ දී මිය ගිය බව ප්‍රාදේශීය පොලිසිය ප්‍රකාශ කළා.

තම වැටුප 50% දක්වා අඩු කර ඇති බව දැන ගැනීමෙන් පසු බදාදා පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීමෙන් පසු නොසන්සුන්තාව ඇති වුණා.

අගමැති ජේම්ස් මාරපේ පැවසුවේ පරිගණක දෝෂයක් හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් චෙක්පත් වලින් ඩොලර් 100 (පවුම් 78) පමණ අඩු කර ඇති අතර සමහර විරෝධතාකරුවන් පවසන පරිදි බදු වැඩි නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36