පොලිස් පාට් නිසා තරුණයෙකුට අහිමි වූ දේ

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදු කළ පහර දීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ තරුණයකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අනුරාධපුර, මැදවච්චිය පොලිසියේ නිලධාරින් පිරිසක් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු රෝහල්ගත කර ඇති බවයි.

මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ මැදවච්චිය, තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි දිලීෂ සංජීව නමැති තරුණයෙකි.

පසුගිය 07 වැනිදා සිය ලොරි රථය අලුත්වැඩියාවක් සඳහා යමින් සිටියදී ඒ පසුපස හඹා පැමිණි මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් එම ලොරි රථය නවතා එහි රියදුරු වන දිලීෂ සංජීවට හා ලොරි රථයේ ගමන් ගත් ඔහුගේ යහළුවාට පහර දී තිබෙනවා.

ඉන්පසුව ත්‍රීවිල් රථයකින්ද එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මොවුන් දෙදෙනාට පහර දී බරපතල තුවාල සිදුකොට ඇති බවයි දිලීෂ සංජීවගේ මව පවසන්නේ.

පසුව බරපතල තත්ත්වයේ සිටි දිලීෂ සංජීව තරුණයාව මැදවච්චිය රෝහලටත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ මව පවසන්නේ එහිදී තම දරුවාට සිදුකළ ශල්‍ය කර්මයකදී දරුවාගේ වෘෂණ කෝෂයක් ඉවත් කර ඇති බවයි.

මෙම තරුණයා තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මව පවසන්නේ මෙම දරුවාට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15