AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරීන් යැයි කියා නිවසට ඇවිත් රන් දම්වැලක් සොරාගෙන

පොලිස් නිලධාරීන් යැයි පවසමින් නිවසකට ඇතුළු වී එම නිවසේ තිබූ රන් දම්වැලක් සොරාගෙන ගෙන ගිය කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාරියපොල පොලීසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ හොරොම්බුව, බද්‍රාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම සොරකම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පුද්ගලයින් කීපදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැමිණ බණ්ඩාරගම පොලීසියෙන් යැයි පවසා ඉන් දෙදෙනෙකු අදාළ නිවස තුළට ඇතුල් වී නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

අනතුරුව ඔවුන් නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ තිබූ පවුම් 1 ½ ක රන් දම්වැල නොමැති බවටයි දැනගන්නට ලැබී ඇත්තේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ආබාධිත මව සහ තමන් පමණක් නිවසේ සිටි බවයි නිවස හිමි කාන්තාව පොලීසිය පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?