පොලිස් නිලධාරීන් යැයි කියා නිවසට ඇවිත් රන් දම්වැලක් සොරාගෙන

පොලිස් නිලධාරීන් යැයි පවසමින් නිවසකට ඇතුළු වී එම නිවසේ තිබූ රන් දම්වැලක් සොරාගෙන ගෙන ගිය කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාරියපොල පොලීසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ හොරොම්බුව, බද්‍රාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම සොරකම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පුද්ගලයින් කීපදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැමිණ බණ්ඩාරගම පොලීසියෙන් යැයි පවසා ඉන් දෙදෙනෙකු අදාළ නිවස තුළට ඇතුල් වී නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

අනතුරුව ඔවුන් නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ තිබූ පවුම් 1 ½ ක රන් දම්වැල නොමැති බවටයි දැනගන්නට ලැබී ඇත්තේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ආබාධිත මව සහ තමන් පමණක් නිවසේ සිටි බවයි නිවස හිමි කාන්තාව පොලීසිය පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57