පොලිස් නිලධාරියෙක් හප්පා ලංගම බසයක් පලා ගිහින් – පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

පොලිස් නිලධාරියෙක් අනතුරට ලක්කර පළා ගිය බස් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව මූලස්ථානයට පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙක්.

අදාළ පොලිස් නිලධාරියා පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණය ඉදිරිපිට දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුකර ඇත්තේ කොළඹ සිය මඩකලපුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (04) රාත්‍රීයේ මෙම පොලිස් නිලධාරියා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගල්ලෑල්ල ප්‍රදේශයට ගොස් ඇති අතර, පසුව එම පොලිස් නිලධාරියා මත්පැන් පානය කර මාර්ගයේ පයින් පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථ දෙකක් එක ළඟ ධාවනය වී ඇති අතර, ඉදිරියෙන් ගිය බස් රථයේ පොලිස් නිලධාරියා ගැටී, පිටුපසින් පැමිණි බස් රථයට මෙම නිලධාරියා යට වී තිබෙනවා.

අනතුර සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර මහතා විසින් අද (05) උදෑසන පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර බස් රථ රියැදුරා සහ බස් රථය අද (05) දිනයේ අධිකරණය ඉදිරිපත් කිරීමට නියතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?