Indian Premier League

පොලිස් ගිනිඅවියෙන් සැරයන්ට වෙඩි තබා අවියත් රැගෙන පළාගිහින්

මල්වතුහිරිපිරිය, බටේපොල ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ මල්වතුහිරිපිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

අද (10) අලුයම් කාලයේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් රථ වාහන පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම අවස්ථාවේ තිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගේ මිදී පළායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අදාළ පුද්ගලයා සහ පොලිස් නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනිඅවිය උදුරාගෙන වෙඩි තබා ඔහු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වෙඩි තැබීමට භාවිත කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ද රැගෙන මෙලෙස පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පළාගිය සැකකරු සොයා පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?