පොලිස් ගිනිඅවියෙන් සැරයන්ට වෙඩි තබා අවියත් රැගෙන පළාගිහින්

මල්වතුහිරිපිරිය, බටේපොල ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ මල්වතුහිරිපිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

අද (10) අලුයම් කාලයේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් රථ වාහන පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම අවස්ථාවේ තිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගේ මිදී පළායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අදාළ පුද්ගලයා සහ පොලිස් නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනිඅවිය උදුරාගෙන වෙඩි තබා ඔහු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වෙඩි තැබීමට භාවිත කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ද රැගෙන මෙලෙස පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පළාගිය සැකකරු සොයා පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12