AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් කොස්තාපල්වරියගේ ඇමතුමට රැවටුණු සැකකරු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ රැසක ජීවත් වන තරුණ තරුණියන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ජෙරම් ක්‍රිශාන්ත පීරිස් නැමැති 46 හැවිරිදි සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු කටුනායක අමන්දොළුව ප්‍රදේශයේ තාවකාලික නවාතැනක පදිංචි වී සිටි බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුට එරෙහිව කටුනායක පොලිසියේ පැමිණිලි 08ක් සටහන් වී ඇති අතර, ඊට අමතරව පොළොන්නරුව, වීරඟුල, රාගම, එඬේරමුල්ල, ජා – ඇළ සහ වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව පුරා යමින් මෙලෙස මුදල් සහ ගුවන් ගමන් බලපත්‍ර වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ද මේ වනවිට ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

කටුනායක පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මුදල් හදල් යහමින් ඇති, එමෙන්ම විදේශ ගත වීමේ දැඩි අවශ්‍යතාවයෙන් යුතු තරුණියක සේ ඔහුගේ ජංගම දුරකථනය වෙත ඇමතුම් ලබා දී කටුනායක නගරය වෙත ගෙන්වා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කෙරුණේ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
11
+1
2
+1
5
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?