පොලිස් කොස්තාපල්වරයෙකුට පස්සර දී පිහි පහරක්

පස්සර නගරයේ අද උදෑසන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මුහුණට එල්ල වූ පිහි ප්‍රහාරයකින්, බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

තුවාල ලැබූ කොස්තාපල්වරයා නගරයේ රාජකාරියේ නිරතව සිටියදී, පෙට්ටි කඩයක් පවත්වාගෙන යන බව කියන වෙළෙන්දෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල මහ රෝහලට මාරු කර යැවුණා.

සැකකරු පිහියත් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?