සෙවනගල පොලිසියේ ස්ථානාධිපති වන k.v. දීපාල් මහතා පොලිස් කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳව කර ඇති පැමිණිල්ලකට අදාළව අද දිනයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසුව සැප්තැම්බර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
වාර්තා වන ආකාරයට කරුණු විශාල ප්‍රමාණයක් තිබුණත් දැන් එය අධිකරණ කටයුත්තක් බැවින් සියලු කරුණු මෙහි සටහන් කිරීම නුසුදුසු වන නමුත් සෙවනගල පොලිසියේ පොලිස් කාන්තාවක් දූෂණය කිරීමක් පිළිබඳව සිද්ධියක් නිසා එම පොලිස් කාන්තාව පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබේ.
එම සිද්ධියත් සමඟම පොලිස් මූලස්ථානය මගින් ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබූ අතර එම කාලය තුල පොලිසිය මඟ හැර සිටි බවද කියවේ.
ඒ අතරතුර ඔහු අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබෙන නමුත් එයද ප්‍රතික්ෂේප වී තිබෙන අතර අද අධිකරණයට භාර වීමෙන් පසුව ඔහුව මෙසේ රිමාන්ඩ් කර තිබේ














