පොලිස් ඇමතිකම ලැබුණානම් “මෛත්‍රීට” සිදුවන දේ ෆොන්සේකා කියයි

යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා පවසනවා.

ඒ බව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති සමඟ ජනබලවේගය පක්‍ෂයේ ප්‍රවර්ධන රැස්වීමකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර සිටියේ.

සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමතිකම දෙන්න යැයි අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෛත්‍රීපාල සිරිසේනට කී අවස්ථාවේදී එයාට දුනොත් එයා මුලින්ම මාව හිරේ දාන බව ඔහු කියා තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපතිවයාට දිවැස් තිබූ අතර එසේ නොකර රට ගොඩනැගිය නොහැකි බව ද සඳහන් කර සිටියේ.

යහපාලන ආණ්ඩුව කාලයේත් රුපියල කඩා වැටුණු නිසා රට වර්තමානයේ මුහුණ දී සිටින තත්වයට එම ආණ්ඩුව ද වගකිව යුතු බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගය එය තේරුම් ගෙන නිවැරදි ගමනක් යෑම සඳහා පමණක් ආණ්ඩු පිහිටුවිය යුතු බවද අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08
Video thumbnail
ආණ්ඩුවෙන් මට කැබ් දෙන්න ඕනේ නෑ - මම ලීසිං දාලා ගන්නවා
07:32
Video thumbnail
අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවෙන්න ගිය ඩේසි ආච්චි..බලන්නකෝ මූණ පුරා හිනාවක් දාගෙන යන හැටි
01:22
Video thumbnail
සැප වාහන පැත්තකට දාලා ත්‍රීවීල් එකකට බැස්ස අර්චුනා
01:19
Video thumbnail
නිරෝෂන් මාධ්‍ය හමුවෙදිම ගත්ත ඇමතුමෙන් DIGගේ පැටිකිරිය හෙළිවෙයි?බලය නැතිදාට ලෙල්ල නැති කෙහෙල් ගෙඩි
09:16
Video thumbnail
හදවත් සැත්කම් නතර වීමෙන් රෝගී ජීවිත අනතුරේ
05:46
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00


?