පොලිස් අණ නොතකා ගිය යතුරුපැදිකරුවෙකුට කිරිබත්ගොඩ දී වෙඩි (වීඩියෝ)

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

පොලිස් අණ නොතකා යතුරුපැදියකින් පලායමින් සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් අද (11) අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියක් සමඟ සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව පොලිසිය විසින් දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු පලාගොස් තිබෙනවා.

එහිදී ඔහුට යතුරුපැදිය නතර කරන ලෙසට පොලිසිය විසින් අණ කළත් එය නොනවත්වා ධාවනය කර ඇති අතර, එහිදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකාර පුද්ගලයා මිතුරෙකු මාර්ගයෙන් ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත්ව සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?