පොලිස්පති පත්වන්නේ RELOAD ක්‍රමයටයි

මෙරට පොලිස්පතිවරයා පත් වන්නේ ‘රීලෝඩ්’ ක්‍රමයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

පසුගියදා මෙරට පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන සී.ඩී. වික්‍රමරත්නගේ ධුර කාලයේ සේවා දිගුව අවසන් වීම සිදුවුණා.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය බලතල අනුව තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය අඟහරුවාදා සිට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් ව ඇති බවට දැනුම්දෙමින්, නව පොලිස්පතිවරයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දෙමින්, වික්‍රමරත්න මහතා ව ධුරයෙන් ඉවත් කිරීමයි.

නමුත් ඒ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මෙරට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෝ දිවයිනේ සිටියේ නැහැ.

ඒ චීනයේ බීජිං හි පැවැති රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා පිටත්ව ගිය බැවින්.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සේවා දිගුව අවසන් වූ බවට කියමින් සී.ඩී. වික්‍රමරත්න ව ධුරයෙන් ඉවත් කිරීමේ පුවත දැනගත් පසුව, ජනාධිපතිවරයා විසින් පැයක් ගතවීමට පෙර යළිත් සති 03ක කාලයක සේවා දිගුවක් ලබාදෙමින් වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නව පොලිස්පති ධුරයෙහි පිහිටුවනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයේ දී පක්ෂ විපක්ෂයේ මැති ඇමතිවරුන් අතර විවාද සිදු වූ අතර, එම අවස්ථාවේදියි අනුර කුමාර දිසානායක විසින් මෙම ප්‍රශ්නය මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?