පොලිස්පති පත්වන්නේ RELOAD ක්‍රමයටයි

මෙරට පොලිස්පතිවරයා පත් වන්නේ ‘රීලෝඩ්’ ක්‍රමයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

පසුගියදා මෙරට පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන සී.ඩී. වික්‍රමරත්නගේ ධුර කාලයේ සේවා දිගුව අවසන් වීම සිදුවුණා.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය බලතල අනුව තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය අඟහරුවාදා සිට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් ව ඇති බවට දැනුම්දෙමින්, නව පොලිස්පතිවරයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දෙමින්, වික්‍රමරත්න මහතා ව ධුරයෙන් ඉවත් කිරීමයි.

නමුත් ඒ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මෙරට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෝ දිවයිනේ සිටියේ නැහැ.

ඒ චීනයේ බීජිං හි පැවැති රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා පිටත්ව ගිය බැවින්.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සේවා දිගුව අවසන් වූ බවට කියමින් සී.ඩී. වික්‍රමරත්න ව ධුරයෙන් ඉවත් කිරීමේ පුවත දැනගත් පසුව, ජනාධිපතිවරයා විසින් පැයක් ගතවීමට පෙර යළිත් සති 03ක කාලයක සේවා දිගුවක් ලබාදෙමින් වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නව පොලිස්පති ධුරයෙහි පිහිටුවනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයේ දී පක්ෂ විපක්ෂයේ මැති ඇමතිවරුන් අතර විවාද සිදු වූ අතර, එම අවස්ථාවේදියි අනුර කුමාර දිසානායක විසින් මෙම ප්‍රශ්නය මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21