AFC Banner
AFC Banner
Empty Ad

පොලිස්පතිගේ මාස තුනක සේවා දිගුව අදින් අවසන්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබූ මාස තුනක සේවා දිගුව අද (25) අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ විශ්‍රාමයාමෙන් පසු පත්කරන නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන අයගෙන් කෙනෙක් පත්කරනු ඇති බවට පසුගිය කාලය තුල සමාජයේ දැඩි කතාබහක් මතුව ආවා.

කෙසේ වෙතත් එම අයගෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම තනතුර හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි සමාජය තුළ කතා බහට මතු වුණේ.

නව පොලිස්පතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරය අවසන් කර යළි මෙරටට පැමිණි පසු සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටිය ද ඔහුට මාස 03ක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?