පොල් හිඟයට හේතුව පොල් සම්බෝල හා පොල් මිරිකීම යැයි කියූ චතුරංගට අසේලගෙන් ටොක්කක් (වීඩියෝ)

පොල් හිඟ වීමට බලපා ඇති හේතුවක් ලෙස ගෘහස්ථ පරිභෝජනයේ දී පොල් සම්බෝල සහ පොල් මිරිකීමේ ක්‍රියාවලිය පෙන්වාදිය හැකි යැයි ඊයේ (22) ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කර තිබෙනවා.

ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මෙන් ම පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නායක අසේල සම්පත් මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ අඩු බර සහිත ව උපත ලද්දවුන් පාර්ලිමේන්තු යවා ඔවුන් සිදු කරන ඇතැම් මුග්ධ ප්‍රකාශයන්ට එරෙහිව කතා කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වූ බවයි.

රට තුළ ඇති වී තිබෙන පොල් ප්‍රශ්නයට හේතුව පොල් සම්බෝල හෝ පොල් මිරිකීමේ ක්‍රියාවලිය යැයි කියූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන අසේල සම්පත් මහතා කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පියා වන නිහාල් අබේසිංහයන් විශේෂඥ වෛද්‍යවරයෙකු බැවින් පොල් සම්බෝලවල ඇති ඖෂධීය ගුණාත්මකභාවය ගැන දරුවාට කියා දීම වැදගත් බවයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ඇතැම් පොල් අලෙවි කරන වෙළෙඳසැල්වල කඩහිමියන් විසින් පොල් ගෙඩි අසලින් පුවරුවක් සවිකරමින් දන්වා ඇත්තේ ” පොල් සම්බෝල හා පොල් කිරි මිරීකමට’ පොල් විකුණන්නේ නැති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?