පොල් හිඟයට හේතුව පොල් සම්බෝල හා පොල් මිරිකීම යැයි කියූ චතුරංගට අසේලගෙන් ටොක්කක් (වීඩියෝ)

පොල් හිඟ වීමට බලපා ඇති හේතුවක් ලෙස ගෘහස්ථ පරිභෝජනයේ දී පොල් සම්බෝල සහ පොල් මිරිකීමේ ක්‍රියාවලිය පෙන්වාදිය හැකි යැයි ඊයේ (22) ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කර තිබෙනවා.

ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මෙන් ම පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නායක අසේල සම්පත් මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ අඩු බර සහිත ව උපත ලද්දවුන් පාර්ලිමේන්තු යවා ඔවුන් සිදු කරන ඇතැම් මුග්ධ ප්‍රකාශයන්ට එරෙහිව කතා කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වූ බවයි.

රට තුළ ඇති වී තිබෙන පොල් ප්‍රශ්නයට හේතුව පොල් සම්බෝල හෝ පොල් මිරිකීමේ ක්‍රියාවලිය යැයි කියූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන අසේල සම්පත් මහතා කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පියා වන නිහාල් අබේසිංහයන් විශේෂඥ වෛද්‍යවරයෙකු බැවින් පොල් සම්බෝලවල ඇති ඖෂධීය ගුණාත්මකභාවය ගැන දරුවාට කියා දීම වැදගත් බවයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ඇතැම් පොල් අලෙවි කරන වෙළෙඳසැල්වල කඩහිමියන් විසින් පොල් ගෙඩි අසලින් පුවරුවක් සවිකරමින් දන්වා ඇත්තේ ” පොල් සම්බෝල හා පොල් කිරි මිරීකමට’ පොල් විකුණන්නේ නැති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?