පොල් ගෙඩියක් හිසමතට වැටී මිලින වූ පුංචි මල් කැකුළ ‘අහිංසා’

පොල් ගෙඩියක් හිසට වැටීම හේතුවෙන් වයස අවුරුදු එකයි මාස තුනක කුඩා සිඟිත්තියක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගොඩකවෙල වැල්කෙනියාය ප්‍රදේශයේ පදිංචි උපාලි වික්‍රමසිංහ සහ දීපිකා දිල්හානි යුවලගේ එකම දරුවා වන අහිංසා දෙව්මිණි යන දියණියයි.

අහිංසා වතුර බේසමේ දිය ක්‍රීඩා කිරීමටත් පයින් ඇවිදීමටත් බොහෝ සෙයින් කැමැත්තක් දක්වා ඇති බව ඔවුන්ගේ දෙමව්පියන් පවසනවා.

ඒ නිසාම යන්තමින් ඇවිදින අහිංසා මව සමඟ අතිනත අල්ලන් අසල නිවස වෙත යාමේදී මිදුලට යාබඳ ඇති පොල් ගසකින් ගෙඩියක් හිස මතට වැටී තිබෙනවා.

එයින් දරුවා සිහසුන් වී ඇති අතර ගොඩකවෙල රෝහලට ගෙන ගොස්  තිබෙනවා. පසුව බිළින්දිය රත්නපුර හා කොළඹ මහ රෝහලපට මාරු කර යවා තිබෙනවා. කෙසේ වුවද දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?