AFC Banner
AFC Banner
Empty Ad

පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල කන්දෙවත්ත පදිංචි එන්.ජී.නිලංග දිනුෂ නමැති සැකකරුවෙකි.

සැකකරු දුම්රිය නිල නිවාස ඉඩමේ පොල් ගසකින් ඊයේ සවස  ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් වන ආර්.හේවාවසම්(91180) සැරයන්කේ.පී. ආනන්දලාල්(90934)කාන්තා නිලධාරිණි ඩබ්ලිව්. ඒ.දීපානි(91159) යන මහත්ම මහත්මින් විසින් අල්ලාගෙන පොල් තොගයද සමග ගාල්ල පොලිසියට බාරදි ඇත.

ගාල්ල විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජිව මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රංජිත් ආනන්ද මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 4 වනදිනට කල් තබන ලදි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?