පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල කන්දෙවත්ත පදිංචි එන්.ජී.නිලංග දිනුෂ නමැති සැකකරුවෙකි.

සැකකරු දුම්රිය නිල නිවාස ඉඩමේ පොල් ගසකින් ඊයේ සවස  ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් වන ආර්.හේවාවසම්(91180) සැරයන්කේ.පී. ආනන්දලාල්(90934)කාන්තා නිලධාරිණි ඩබ්ලිව්. ඒ.දීපානි(91159) යන මහත්ම මහත්මින් විසින් අල්ලාගෙන පොල් තොගයද සමග ගාල්ල පොලිසියට බාරදි ඇත.

ගාල්ල විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජිව මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රංජිත් ආනන්ද මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 4 වනදිනට කල් තබන ලදි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54