AFC Banner
Empty Ad
Empty Ad

පොරොන්දු ඉටු කිරීමට නායකයෝ බලය ඉල්ලුවත්; මං ආවේ පොරොන්දු ඉටුකරලයි – ජනපති

මෙරට ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් දුක් විඳින විටත්, ගෑස්, විදුලිය සහ තෙල් නොමැතිව පීඩා විඳින විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අය සිටියේ කොහේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරනවා.

ජනාධිපතිවරයා මේ බව විමසා සිටියේ ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

ජනතාව අසීරුතාවට පත් වූ මොහොතේ පැන ගිය පිරිස අද තම අනාගතය සකසා ගැනීම උදෙසා ජන වරම ඉල්ලා සිටින බවටයි ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.

වෙළෙඳාම සහ ගොවිතැන ශක්තිමත් කළ හැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් විමසන ලෙසට ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පැවසුවේ මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන් ලබාදීමට තම රජය යටතේ කටයුතු කරන බවයි.

සෙසු නායකයින් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දී ඒවා ඉටු කිරීමට බලය ඉල්ලුව ද, තමන් ජනයා අබියස පැමිණ ඇත්තේ පොරොන්දු ඉටුකර බවටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?