පොරොන්දු ඉටු කිරීමට නායකයෝ බලය ඉල්ලුවත්; මං ආවේ පොරොන්දු ඉටුකරලයි – ජනපති

මෙරට ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් දුක් විඳින විටත්, ගෑස්, විදුලිය සහ තෙල් නොමැතිව පීඩා විඳින විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අය සිටියේ කොහේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරනවා.

ජනාධිපතිවරයා මේ බව විමසා සිටියේ ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

ජනතාව අසීරුතාවට පත් වූ මොහොතේ පැන ගිය පිරිස අද තම අනාගතය සකසා ගැනීම උදෙසා ජන වරම ඉල්ලා සිටින බවටයි ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.

වෙළෙඳාම සහ ගොවිතැන ශක්තිමත් කළ හැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් විමසන ලෙසට ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පැවසුවේ මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන් ලබාදීමට තම රජය යටතේ කටයුතු කරන බවයි.

සෙසු නායකයින් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දී ඒවා ඉටු කිරීමට බලය ඉල්ලුව ද, තමන් ජනයා අබියස පැමිණ ඇත්තේ පොරොන්දු ඉටුකර බවටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37