පොපි මල් දින සැමරුම වෙනුවෙන් පළමු පොපි මල අගමැතිනියට

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පළමු පොපි මල පැළඳවීම සිදු කෙරුණා.

ඒ සේවා මුක්ත භට සංගමයේ උප ලේකම් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය විසින් අද (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත හමුදා නිලධාරීන්ගේ සුබසාධනය සඳහා වෙන් කෙරෙනවා.

පළමු වන හා දෙවන ලෝක යුද්ධයේ දී මෙන් ම ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වල දී මියගිය හමුදා සාමාජිකයින් අනුස්මරණය කරමින් පොපි සැමරුම සිදු කරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වනවා.

විශ්‍රාමික හා ආබාධිත හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පොපි මලක් පළඳින ලෙස මෙහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය, උප සභාපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ, භාණ්ඩාගාරික මේජර් චිල්ටන් ද සිල්වා, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සමාජික මේජර් සංජිත් විජේරත්න, පොපි කමිටු සාමාජික අමිතා රෝහණ මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08