පොදු දේපොළ අවභාවිත කිරීමේ වාර්තාව රනිල් සතුයි – කැබිනට් මණ්ඩලයත් වරදක් කරනවා -මංජුල ගජනායක

එදා මෙදා තුර දේශපාලන ඉතිහාසයේ මෙරට පැවැත්වූ ජනාධිපතිවරණවල දී එක් අපේක්ෂකයෙකු වැඩි ප්‍රමාණයක් පොදු දේපොළ අවභාවිත කිරීමේ වාර්තාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට හිමි වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක, මංජුල ගජනායක පවසනවා.

අද (11) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපතිවරයා විසින් දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම සිය අයෝමය හස්තයෙන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා කුප්‍රකට තනි අපේක්ෂකයා බවයි.

මෙම සිදුවීම පිළිබඳව පැෆ්‍රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ පැමිණිලි රැසක් සිදු කරන ලද බව ද ඒ මහතා කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිදු කරන දේශපාලනික ක්‍රියාදාමයට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත්; නැතහොත් එය අනාගතයේ පරපුරට වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව ද මංජුල ගජනායක මහතාගේ අදහසයි.

එමෙන්ම මෙරට කැබිනට් මණ්ඩලය උග්‍ර ලෙස එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට දේශපාලන ආධාරකරුවෙකු ලෙස දිනෙන් දින අශෝබන තීරණ රාශියක් ගනිමින් සිටින බවත්; එම තීරණ ගත් සැණින් ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය හරහා ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනතාව වැරදි වැටහීමක් ඇති කරගත හැකි බව ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.

කැබිනට් තීන්දුවක් ගත් පමණින් එය අවසන් තීරණය නොවන බවත්; එලෙස කරමින් ජනතාවට ඡන්ද පොරොන්දු ලබාදීමේ වැඩි සම්භාවිතාවක් නිරීක්ෂණය වී ඇති බවත් මංජුල ගජනායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?