AFC Banner
AFC Banner
Empty Ad

නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සජිත් සමග එක්වෙයි

අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

කලක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඔහු එම කාල කාලවකවානුව තුල කැපී පෙනෙන වැඩ කටයුතු රාශියක් ඉටු කරනු ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන රංජිත් සෝමවංශ එවක කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සභාපති, එක්සත් ශිෂ්‍ය පෙරමුණේ සභාපති ලෙසද කටයුතු කළ ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහායි දේශපාලනයට ප්‍රවිෂ්ඨ වී ඇත්තේ.

1993 දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් පත්වූ ඒ මහතා බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ඇතුළු තනතුරු රැසක් දැරූ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති චරිතයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?