නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සජිත් සමග එක්වෙයි

අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

කලක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඔහු එම කාල කාලවකවානුව තුල කැපී පෙනෙන වැඩ කටයුතු රාශියක් ඉටු කරනු ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන රංජිත් සෝමවංශ එවක කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සභාපති, එක්සත් ශිෂ්‍ය පෙරමුණේ සභාපති ලෙසද කටයුතු කළ ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහායි දේශපාලනයට ප්‍රවිෂ්ඨ වී ඇත්තේ.

1993 දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් පත්වූ ඒ මහතා බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ඇතුළු තනතුරු රැසක් දැරූ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති චරිතයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14